මටම මමmatama mama

Matama Mama

Music:
කසුන් කල්හාරkasun kalhaara
Lyrics:
අරුණ කිත්සිරිaruna kithsiri

Lyrics

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ 
නොදනිදෝ...//

නුඹ පුදන සෙනෙහස මෙපමණයි
හඳුනා ගන්නට හැකි වුනානම්
හංස පැටවෙකු මෙන්
නැතේ මෙපමණ විරහවක්
හද හිඳී නිදුකින්

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ 
නොදනිදෝ

මේ සුවය සිත පුබුදු කෙරුවයි
සැබෑ සුව වින්දෙ මගෙන්මයි
දෙඩුවෙ නුඹ රහසින්
නැතේ මෙපමණ විරහවක්
මතක අමතක නම්

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ 
නොදනිදෝ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.