මට වැඩිය මගේ හිතම හදුනන කෙනාmata waediya magee hithama hadhunana kenaa

නපුරැ කෙල්ලෙක් - Mata Wadiya Mage Hithama

Lyrics

මට වැඩිය මගේ හිතම හදුනන කෙනා
හිටි හැටියේ සමු ගත්තේ වෙනසක් වෙලා
අදහන්න බැ නපුරැ කෙල්ලෙක් කියා
මට මෙ වගේ කෙරැවෙ ඇයි දෝ ඔයා

මෙ අහස යට කොතැන උන්නත් මෙමා
පියවෙන්නෙ ඇස් ඔබගේ ගාවම තමා

විශ්වාස කර හින්දා පමනට වඩා
මං පැරදුනා එක දිගට දුක දරා
පණ දෙන්න වාගේ ලගින් ඔයා
අද මාව අදුරන්නෙවත් නැතිවෙලා

රැවටෙන කෙනා දුක් උනොත් පලමුව
රවටපු කෙනා විදවනවා මතුවට
විසිකරලා දැමිමාට අපේ මතකය
මගේ අගය දැවටෙවි ලග දවසක

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.