මට තහනම් මල් කැකුලින් සුවද පැතුවටmata thahanam mal kaekulin suwadha paethuwata

Mata Thahanam Mal

Lyrics

මට තහනම් මල් කැකුලින් සුවද පැතුවට 
මට දැන්නේ ඒ මලේම සුවද අපමණ 
වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල 
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල.. //

උස අත්තක උඩට වෙලා පිපුනු නුඹ ගැන
බලා ඉන්න සදළුතලේ සිටුවරුත් ඇත
ඔච්චම් කර අතු මහලින් හිරු නැගෙන මට
මැදුරේ දොර විවර වේවිද නුඹට බලන්න 

දැනෙනා දුක කවියක් වී නුඹට කියන දින
උඩු මහලේ කවුළු දොරින් නුඹට ඇසේවිද
වැට කොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල
සැඩ සුලගට අරන් යයිද මටත් හොරෙන් හෙට ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.