මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්mata pemee baendha lan lanwa hadha sanasamin

Mata Pem Banda Lan Lanwa Hada Sanasamin

Lyrics

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් 
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ  මගේ
මතු භවයේම ලඟ ඉන්න නොවන සේ

මට පෙමේ බැන්ද ....

මුළු සංසාර්ම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න පුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වාගේ මතු භවෙදී
මසෙැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී 

මට පෙමේ බැන්ද ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.