Lyrics
(මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි...//)
ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
(සුසුමක සිරවී හදවත නවතිනවා...//)
මට මුළු ලොවම ඔබයි....
ඔබ ලඟ ඇතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා
(හද ගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...//)
මට මුළු ලොවම ඔබයි....//