Lyrics
මට මේ ආත්මයේ අන්සතු උනත් ඔයා
මතු ලබන හැම ජන්මයේ
කාටත් කලින් ප්‍රියේ එන්න මා සොයා
මට නැතිව බෑ හිත ඔබේ
කෙටි කාලයක් ඔබෙන් දුරකට වෙලා
මට ඉන්න බෑ තවත් විරසක වෙලා
වරදක් උනත් සිතින් හැර නොබලනා
මම දහස් වාරයක් අයදිමි සමා
(එකමත් එක දවසක අත් පටලා ගෙන අනන්තෙන් එහා
යමු කී ඔබ අත හැර වෙනතක යන විට දුකක් දැනෙනවා...//)
කොතැන හෝ.......ඔබ තුටින්... ඉන්නවා..... නම් හොදින්
මගෙත් සතුට අද එය තමයි
(හිතුනත් ඔබ හැර තව හිතකට යන්නට අතීතය දමා
ඔබෙ රූපෙම හදවත විමසනවා අද මගෙන් පුන පුනා...//)
කොතැන හෝ.......ඔබ තුටින්... ඉන්නවා..... නම් හොදින්
මගෙත් සතුට අද එය තමයි
මට මේ ආත්මයේ....