Lyrics
මට මා හමුවුණා මාද මට හමුවුනා
ඝණ නිල් වනන්තරේ
කාත් කවුරුවත්
නැති එක නිමේෂයේ
මට මා හමුවුණා මාද මට හමුවුනා........
මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළිසඳරේ
භවයක් සේ හැඟුනා
අරුමය ඒ ඇසුරේ.....
සිතු සම්පත් සැදුනිද
දැසි දස්සන් ලැබුණිද
ඇසු විට මගෙන් මා
ප්ර මුදිත දෑසින් මට පිළිතුරු ලැබුනා
මට මා හමුවුණා මාද මට හමුවුනා.......
සමුගෙන යන්නට සැරසෙද්දී
මාගෙන් මා
ඇසුයෙමි පැණයක් හිනැහෙද්දී
සිත විදහා
ලද හැම දෙය අවසන
සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුණිවත පා
කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා
කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා
මට මා හමුවුණා.......