මට මා හමුවුණාmata maa hamuwunaa

Mata Ma Hamuuna

Lyrics

මට මා හමුවුණා මාද මට හමුවුණා
ඝන නිල් වනන්තරේ
කාත් කවුරුවත් නැති එක නිමේෂයේ
මට මා හමුවුණා මට හමුවුනා

මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළසඳරේ
භවයක් සේ හැඟුණා අරුමය ඒ ඇසුරේ
සිතු සම්පත් සෑදුණි ද දැසිදස්සන් ලැබුණි ද
අසුවිට මගෙන් මා
ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා

මට මා හමුවුණා ........

සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා
ඇසුයෙමි පැනයක් හිනැහෙද්දී සිත විදහා
ලද හැමදෙය අවසන සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුණිවත පා
කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.