මට කීවාදෝ ආදරේmata kiiwaadhoo aadharee

Mata Keewado Adare

Music:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
Lyrics:
රිනාස් මොහොමඩ්rinaas mohomad

Lyrics

මට කීවාදෝ ආදරේ නුඹ කල් තියා
ශ්‍රියාවී වත්සලා නුඹ මට ලැබුනා 
මා පෑවා සේ ආදරේ නුඹ සිත පුරා 
සරාගී නෙත් වසා නුඹ ලඟ රැඳිලා 
මං ආදරෙයි.. මං ආදරෙයි 
නුඹ මට ලැබුනා 
මං ආදරෙයි.. මං ආදරෙයි   
නුඹ මට ලැබුනා 

සීත යාමේ හීන රෑනේ ගීත මැව්වේ
නුඹ ආදරෙන් සිත් ගව්වේ 
ලීව ගීතේ ප්‍රේම දෑලේ 
මා සිත නිව්වේ නුඹ ආදරෙන් මල් පව්වේ 
ජීවිතේ ආදරෙන් නුඹ කීවා 
ඔබ මගෙ කියලා 
ලංවුනේ ආදරෙන් නුඹ මා හා 
භවයක ඉඳලා 

සාද ශ්‍රියේ හාද වූයේ යාලු නිම්නේ 
නෙත් ආදරෙන් හීන පෙව්වේ  
තාරකාවෝ පාර කීවේ 
වාසනාවේ දොර ආදරෙන් හිත නැව්වේ 
ජීවිතේ ආදරෙන් නුඹ කීවා 
ඔබ මගෙ කියලා 
ලංවුනේ ආදරෙන් නුඹ මා හා 
භවයක ඉඳලා 

මට කීවාදෝ ආදරේ නුඹ කල් තියා
ශ්‍රියාවී වත්සලා නුඹ මට ලැබුනා 
මා පෑවා සේ ආදරේ නුඹ සිත පුරා 
සරාගී නෙත් වසා නුඹ ලඟ රැඳිලා 
මං ආදරෙයි.. මං ආදරෙයි          
නුඹ මට ලැබුනා 
මං ආදරෙයි.. මං ආදරෙයි             
නුඹ මට ලැබුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.