මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්නmata kandulu enna kaliyen man dhamaa yanna

Mata Kadulu Enna Kaliyen Man Dama Yanna

Lyrics

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක පලා යන්න
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

මේ පුරා හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
හෙට අවපස වී මං එනකොට අඩන්න නරකයි
තව එපා ඉන්න .... තව එපා ඉන්න ....
ඔය ඇස් බලුවම මට බෑ හෙට තැලි අදින්න
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

සඳ එන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලගමයි
දැන් ඉතින් යන්න ....  දැන් ඉතින් යන්න ....
අතැගිලි වැදුනම බැරිවෙයි මුදු පළඳවන්න 

මට කඳුළු එන්න ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.