මට ජේසු හමුවුනාmata jeesu hamuwunaa

Mata Jesu Hamuwuna

Music:
ඇන්ටන් චාල්ස් තෝමස්aentan chaals thoomas
Lyrics:
ඇන්ටන් චාල්ස් තෝමස්aentan chaals thoomas

Lyrics

මගෙ තැලුනු බිඳුණු රිදුනු හදෙහි සුවය හමුවුනා 
ඉකිබිඳින හදෙහි සතුට මවන සමිඳු හිනැහුනා 
හරි ආදරෙන් බලා සනසන දෙනෙත හමුවුනා 
මට ජේසු හමුවුනා

ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි

සැඟවූ භවේ රුදුරු කටුවේ ඇනී දිවිය හෙම්බත් වුනා ජේසු 
බියවී හඬා ඔබට අවමන් කලා තනිව වල්මත් වුනා ජේසු 
ලොවම ගැලවූ පවින් ප්‍රභල ඒ ආදරේ  
නොදැන හැඬුවා දුකින් ජේසු 

ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි

මගෙ තැලුනු බිඳුණු....

ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි

රුධිරෙන් එදා සොයුරු ආ බෙල් හෙලූ පොලොව කම්පා වුනා ජේසු 
කුරුසෙන් ගැලූ අමිලවූ ලේ වලින් පොලොව සේදූ මගේ ජේසු
ඉසුනු රුධිරෙන් ඔබේ පාපයේ ශාපයෙන් 
ලොවම ගැලවූ නමයි ජේසු  

ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි

මගෙ තැලුනු බිඳුණු....
ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.