Lyrics
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න හිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ
සිත සිල් බිද ගත්තේ හැන්දෑවේ
ඔබ සද එළියක් වගේ දැවටුනේ
රළු කුනාටුවක් වී
ඔබ කඩා බිද දමන්නට යන්නේ
මා දුකින් සැදු මගේ කූඩුවයි
අද මා සොයනා ඔබේ ආදරේ
හෙට තවකෙකු ලග සොයයි ජිව්තේ
රුදු හිරු මඩලක් වී
ඔබ දවා අළු කරන්නට යන්නේ
මට මේ ලොව ඇති එකම සම්පතයි
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ