මට හුරු නැති වේදනාmata huru naethi weedhanaa

Mata Huru Nathi Wedana

Music:
විරාජ් පෙරේරාwiraaj pereeraa
Lyrics:
කුෂාන් මනින්ද්‍රkushaan manindhra

Lyrics

මට හුරු නැති වේදනා ඔබ මට හුරු කර ගියා
සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා
දුක හද පතුලෙන් ඉපදීලා එයි මුළු පපුවම තෙරපී
ගිය දවසේදීම රිඳවා මා නොමැරුවේ ඇයි ඔයා

ඔබ මගේ වේවා හැම උදේම රෑම පැතුවා
ඔබ ළඟ තිබුණේ සෙනෙහසයි කියාලා හිතුවා
අපි වෙනුවෙන් මා හීන මාළිගාද හැදුවා
ඔබ ගිය විගසින් දිය වේවී කැඩීලා වැටුනා

මට හුරු නැති වේදනා ඔබ මට හුරු කර ගියා
සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා

අපි දුර වැඩිනම් ළං නොවීලා ඉන්න තිබුනා
මා රැවටුනු මේ ආදරේ නොදෙන්න තිබුනා
ඔබ ගිය හින්දා හමු නොවෙන්න ආයේ කිසිදා
මා සමුදීලා ජීවිතේම යන්න හිතුවා 

මට හුරු නැති ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.