මට හිතාගන්නවත් බැරි තරම්mata hithaagannawath baeri tharam

Mata Hitha Gannawath Bari Tharam

Lyrics

මට හිතාගන්නවත් බැරි තරම්
ඔබ මගෙන් දුරස්වී ගිහින්
මට ඔබේ ආදරය අහිමි නම්
හිත හදාගන්නේ කොහොමද ඉතිං

මට කියා දෙන්නකෝ ඔය මුවින්
ඇයි වෙනස් උනේ මේ ලෙසින්
ඔබ ලදේ මේ වගේ නපුරු නම්
හිත හදාගන්නේ කොහොමද ඉතිං

එක මොහොතක්වත්
මට නොදැක ඉන්න බැරි බව කියා
මට මතකයි ඉස්සර
හැමදාමත් ආ හැටි සොයා
මේ ලෙසින් තුරුලට වෙලා
ඔබ කී වදන් මට සිහිවෙලා

මට හිතාගන්නවත් ....

වෙන කවුරුත් නෑ
මගේ හිතට කැපෙන නුඹ මෙන් ලදේ
එක පැතුමක් තිබුනා
ඔබ වෙනුවෙන් මේ හඳවතේ
මේ ලෙසින් පැතුමද මගේ
බිඳ දා ගිහින් ඇයි සැඟවුනේ

මට හිතාගන්නවත් ....
මට කියා දෙන්නකෝ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.