Lyrics
මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන්
කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම්
ඔයාට ගොඩක් ආදරෙයි මං ඇත්තමයි රත්තරන්
ඇත්තමයි රත්තරන් ඔයාට ගොඩක් ආදරෙයි මං
ඇත්තමයි රත්තරන්........
හැඟුම් ගොඩක් හිත තියන් බලන් ඉන්නට බෑ සිතින්
හිතින් ගොඩක් ළං වෙමින් වෙන්ව ඉන්නට බෑ ඉතින්
හීන මාගේ තද කරන් දුක් විඳින්නට බෑ ඉතින්
දුක් විඳින්නට බෑ ඉතින්........
සිහින හද තුළ සිර කරන් මියැදෙන්නට බෑ ඉතින්
හඬන කඳුලැල් උණු වෙමින් රිදුම් දෙයි හද ඔබේ නමින්
පැතුම් සුළඟට විසි කරන් එක් වෙමුද අපි රත්තරන්
එක් වෙමුද අපි රත්තරන්........
මට ගොඩාක් ආදරෙයි........