මට දැනෙනවා ආදරේmata dhaenenawaa aadharee

Mata Danenawa Adare

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

Lyrics

පෙම් හීන පිබිදුණා පිබිදුණා දෑස මායිමේ
සිත මාගේ නැවතුණා නැවතුණා සුපුරුදු ලෙසේ
කී පෙම් කතාවන් සිත වෙලාන හොර රහසේ
(මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//)

කඳුළැල් නිවා නෙතු මානේ දෑස් නැවතුණා ළඟ ඔබේ
තනිය මකා මගේ හීනේ පෙම් කවිය වී ඔබ මගේ
(මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//)

ලතැවුල් නොවේ යළි මා මේ ඈත් වෙන්නෙපා කිසි දිනේ
දෑතේ වෙලී හැම සසරේ මා හා බැඳී ඉනු මැනේ
(මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.