මට චෝදනා කලාmata choodhanaa kalaa

Mata Chodana Kala

Lyrics

මට චෝදනා කලා ලෝකයම එරෙහි වෙලා  
මේ වේදනා නිසා මා හැර යන්නේ නැ ඔයා 
දැන් මගේ ජිවිතේ හුස්මත් ඔයා 
මට හිමි ආදරේ මට දුන්නේ ඔයා 
මේ වේදනා චෝදනා මැද අපි ලංවෙලා.....

හඬනා අතීතේ මියැදුණු පැතුම් 
මේ හිමිදිරියේ හිරු පායා ඇවිත් 
සැගවෙන්නේ නෑ ලෝකෙම අපෙන්
ආවා වසන්තේ පමා වී වටින්.... 

මට චෝදනා කලා.../

කාලය ගලා යාවි නොදැනී දුකක්
අපි ගැන දන්නේ අපිමයි හෙටත්
ආදරය දුන්නේ නුඹමයි මටත් 
ජිවිතයක් ලැබුන පමා වී මටත්.....

මට චෝදනා කලා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.