මට අහිමිmata ahimi

Mata Ahimi

Music:
ද-සන්dha-san
Lyrics:
නුවන්තිකා සඳමාලිnuwanthikaa sandamaali

Lyrics

මට අහිමි වු නුඹේ සුසුම් 
හිත පතුලේ සඟවා තියන්
සිනසෙන්නට පෙරුම් පුරනෙමි 
ඉකි බිඳින හිත රවටමින්
ඉකි බිඳින හිත රවටමින්.......

(මගේ උර මත හිස හොවා 
නුඹ කියූ ඒ සුරතල් වදන්.....//)
කොහේ කොතැනක සැඟවුණාදෝ 
නුඹෙන් ලද ඒ පෙම් හැඟුම්
සිත අසයි මගෙන් සරදමින් 
ළඟට ඇවිදින් හරි හෙමින්.......

සිතින් දුර ගිය අපේ පැතුමන් 
ගතින් වෙන් වනු දැනුණා නම්
මේ තරම් මං පෙම් කරන්නෑ 
ඔබට පණ මෙන් රත්තරන්
විඳවන්නට බෑ මට තව අනේ
යළි එන්නෙම නෑ කිසි දිනේ.......

මට අහිමි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.