මට අහම්බෙන් වගේ මුණ ගැහුන මිහිරාවියේmata ahamben wagee muna gaehuna mihiraawiyee

Mata Ahamben Muna Gahuna

Lyrics

මට අහම්බෙන් වගේ මුණ ගැහුන මිහිරාවියේ
මගෙ සිත් විල සෙනෙහෙන් හැඩ කෙරුව රන හන්සියේ
මේ ආදරේ ඔබටමයි හැම බවේ මා ඔබගෙමයි
හුස්මක් පාසා ලග රැදෙමි ඔබ එක්ක දිවිතුරා

සසර මාවතේ සැරිසරා සිහිනෙන් වගේ ඇවිත් 
ඔබ මගේ ප් ‍රියාවි උනා
හැගුමන් ගොන්නක් මවා මා සිතේ ඇදී ගියා
සායම් ගෑව සිතුවමක් වෙලා
හද පිනවනා සොදුරු දිවියට අරුතක් කැන්දු
මගෙ දිවි අරනෙ පහන ඔබ තමා 
මේ දෑස පියෙනා තුරා

ඔය දෑසින් මට ඉගි කෙරුව සෙනෙහේ කතාවේ
පිටුවක් පුරා මා ලීවේ වෙනුමයි ලබැදියෙ අපගෙ
පතුමන් හිත දරා දිවිය ඔබේ නමින් ලියා
භවයෙන් භවේ එන්නෙමි ඔබ සොයා

සසර මවතේ සැරිසරා...... 

බලා හිදිමි එලබෙන තුරා
ඔය අත ගන්නා දිනේ මන් සදා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.