මාස්ටර් සර් (පනම් අටින්)maastar sar (panam atin)

Master Sir (Panam Aten)

Album
Ran Tikiri Sina
Music:
නිමල් මෙන්ඩිස්nimal mendis
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

චිත්‍රපටය: කළු දියදහර (1975)

(පනම් අටින් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ)...//

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ...

මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න... 

අප අතරේ කඹ....
(එදා දවස උදා වේවිදෝ)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.