මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්maasa ekayi dhawas thunayi muhudhen nam

Masa Ekai Dawas Thuanai

Lyrics

මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංශය වෙනස් උනේ එහෙදි දැන්
Signorina උබ හින්දා මැරුනා මං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා...
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..
චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලි.. අම්මව බලන්න යනවා
චාඕ මල්ලි..  ඒ...

බාසාවත් පුරුදු වුනා තනියෙන් මං
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
මිලානෝ වල ෂෝ ති⁣බුනොත් යනවා මං
සණුක ⁣එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..

චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා..

Signorina ඔයා එක්ක බිව්වෙ Margarita
මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
අපේ එහා ගෙදර නීටා ගේ ඩොටා තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහා වෙලා මටම තිබ්බා සැරට බූටා
ඉතිං බොට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා
මහ මුහුද මැද්දෙ උයන් කෑවේ කරවල බං කට්ටා 
උබ දන්නෙනෑ මං කාපු කට්ට මගේ Signorina..

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..

චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.