මාරියාවේmaariyaawee

Mariyawe

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
රන්බණ්ඩා සෙනෙවිරත්නranbandaa senewirathna

Lyrics

මාරියාවේ - මාරියාවේ

මාරියාවේ ඔහේ නවතින්නේ -  සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැදේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිනි - හද තුළ මෙළවී ඇවිලෙන්නේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.