Lyrics
නෙතඟින් පාන ඉඟියෙන් පේන
මායම් සඟවා කෙහෙරැළින්
සයුරෙන් ඈත රටකින් සීත
ආලේ ගෙනල්ලා උනුහුමෙන්
ඉර යනකොට ඈතින් අවරට
මෙහෙට ඇහෙනා සංගීතෙට
අපි නැලවෙමු ඒ මේ තාලෙට
ළං වී ආදරෙන්
(මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දඟකාරී හිතැත්තී)..//
මුහු වී වත්සුනු ඔබගේ
වෙරළේ කරදිය සුලගේ
හැඩකාරයි මට දුන් ගීතේ
තාලය ඔබගේ
සිත්තම් හීන ඇත්තෙන් දෑස
මානේ මවනා රූසිරී
කෝලයි බැල්ම දඟකම් පාන
උන්මාදෙන් මැව්වා ආදරී
ඔබ ඉගිලී අහසින් ඈතට
මම මේ සුදු වැල්ලේ තනිකොට
ගීතය තියලා මගෙ හිත යට
වෙන් වී හීනයෙන්
(මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දඟකාරී හිතැත්තී)..//
මුහුවී වත්සුනු ඔබගේ....
Rap
(මරීනා මරීනා
යුරෝපේ සමනලී
සරාගි රුවැත්තී
දඟකාරී හිතැත්තී)..//
මුහුවී වත්සුනු ඔබගේ....