මරතොන්ඩි ඉරි අල්ලේ (ලයිලා)marathondi iri allee (layilaa)

Marathondi Iri Alle (Laiyla)

Lyrics

(මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා 
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...//)  

(ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා 
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා...//)  
එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා 
ආදරෙයි මං ලයිලා ලස්සනයි නුඹලා 

මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා 
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

(පැණි පෙරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා 
උර තලේ හිස හොවාපන් ආදරෙයි කියලා...//) 
එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා 
ලස්සනයි මගෙ ලයිලා ආදරෙයි ලයිලා  

(මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා 
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.