මනෝහරී (දඟකාර නිල්මිණි මනෝහරී)manooharii (dhangakaara nilmini manooharii)

Manohari (Dagakara Nimini Manohari)

Music:
ලසන්ත රත්නායකlasantha rathnaayaka
Lyrics:
සිරිල් සමරකෝන්siril samarakoon

Lyrics

දඟකාර නිල්මිණි දෑස හරවා 
මනමාලකම් පිරි දෙතොල් නලවා    
මයුර රැඟුම් කොවුල් ගැයුම් 
මගේම දිවිය පුරා ලඟින් තියා ගියා 

සැනසීම සතුටද දෙඅත පුරවා 
සියදහස් වර එය මතුර මතුරා 
මා නලවා ලඟම හොවා 
සුවඳ ලඟින් තියා ඔබ සැඟවිලා ගියා 

මගේ අහිංසක පුංචි සාවියේ 
සඳ සෙවෙනේ තරු දෑස දිලුනේ  
දෙතොලෙන් නොකී කතා 
පැවසූ නිල්මිණි දෑස නිවී ගියා 
මතු සසරේවත් කොතැනක හෝ යලි හමුවේවා    
මගේම මනෝහරී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.