මැන්ජො රබන් සද්දේ බංගලාවේ ඇහෙනවාmaenjo raban sadhdhee bangalaawee aehenawaa

Manjo Raban Sadde

Lyrics

මැන්ජො රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා 
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා 
සීතල පිනි කැට  අහසින් කඩන් වැටෙනවා 
ආයෙ නටන කල් ආසයි බලන් ඉන්නවා

මාලු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ 
අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ
ඩින්ග ඩින්ග ආලවන්තකම් වැඩිවෙන්නේ
මුර කුඩුවෙ එලිවෙනකම් හින මවන්නේ

කණ්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම් 
මූකලානේ මම ඇවිදලා හේන් කොටන්නම්
පොල්කටු මාලයක් හදලා නුබ සරසන්නම්
පෝය එනවා ඊට කලින් කැන්දම් එන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.