මංගල්ලේ සුබ මොහොතේ mangallee suba mohothee

Mangalle Suba Mohothe

Lyrics

මංගල්ලේ සුබ මොහොතේ 
අතිනත ගෙන එක්වෙනා 
යුවතිපති ඔබහට මේ 
ආසිරි ගී ගැයෙනා...//

ආලෝකේ වෑහුණා වාසනා මැවී 
සෝ තාප වේදනා යාවි සංසිඳී//
රන් රස සේ සිත් බැඳුනේ 
මංගල සුබ නැකතේ 

මංගල්ලේ සුබ...

මේ ජීවිතේ පුරා ආදරෙන් වෙලී 
සාමයෙන් දිනූ ලොවේ ඉන්නකෝ බැඳී//
පෙම් සිහිනේ මල් පිපුණේ 
මංගල සුබ නැකතේ

මංගල්ලේ සුබ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.