Lyrics
මංගල්ලේ මල් හසරැල්ලේ
මිහිරෙන් මත් වී රැඟුම් පා
ආසිරි ගී වැල් ගයාලා මා හා එක්වෙලා//
ඇගේ සිහිනයයි ඔහුගේ ලෝකයයි
එක්තැන් වීලා නව යුග දිවියට ආසිරි ගී...//
ගම්මානේ හිම කඳු රැල්ලේ
ඇද හැලෙනා නිල් දිය ඇල්ලේ
රැව් දෙන්නේ මංගල ජය ගී නාදේ
මනාල කුමරා මේ සුභ නැකතින්
වඩිනා හෝරාවේ ඇගේ දෑසේ සිනා
මංගල්ලේ...//
රන් මාලින් ගෙල හැඩ වීලා
සුදු සේලෙන් ගත සරසාලා
පින්වන්තයි මනාල කුමරි හිනැහේ
ඔබගේ දෑතින් ඇගේ මුදු සුරතේ
රන් මුදු පැළඳු පැයේ දෙවිඳුන් ආසිරි ලබා
මංගල්ලේ...//