මංගලිකා මනාලිකාmangalikaa manaalikaa

Mangalika Manalika

Lyrics

(මංගලිකා මනාලිකා 
ඔබ නොදැකා ඉනු නොහැකා   
සේපාලිකා මලක් වගේ 
යන්න එපා කෝප වෙලා 
ඉන්න වේවි ශෝක වෙලා 
ආදරවන්තියේ මගේ...//)

කොහේ ගියත් මුදල් හොයන් ගෙදර එනවා නම් 
මම එනකොට එන්නෙත් ලොකුවට මල්ලක් පුරවන් 
ලොකු ඉඩමක් අරගෙන හොඳ ගෙයක් හදන්නම් 
යන්න එන්න වාහනයක් අරගෙන දෙන්නම් 
බත් උයලා කොස් උයලා කන්න දුන්නේ මං 
මෙන්න බොලේ මේ නෝනිට මං එපාලු දැන් 
අනේ සුදෝ යන්න එපා 
ගියොත් ආයේ එන්න එපා 

මංගලිකා මනාලිකා....//

රන්මිණි මුතු දෙකන් තෝඩු ගෙනල්ල දෙන්නං 
රන් පට සළු සාරි ඔසරි තෑගි කරන්නං 
මගේ පෙම්වන්තිගේ රන් කලේට පැන් පුරවන්නම් 
රන් මැණිකව ලං කරගෙන මං සැනසෙන්නම්  
යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං 
මෙන්න බොලේ මේ නෝනිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා 
ගියොත් ආයේ එන්න එපා

මංගලිකා මනාලිකා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.