මංගලම් ජය මංගලම් mangalam jaya mangalam

Mangalam Jaya Mangalam

Album
Sudo Sudu Ran

Lyrics

මංගලම් ජය මංගලම් 
වේවා සිරි සුභ මංගලම් 
ආ සැරද තෙසරණ සරණිනේ 
ආ යුවතිපති සුවසේ දිනේ 
මංගලම් ජය මංගලම් 
වේවා සිරි සුභ මංගලම්//

ආ... රාමා සීතා යුවල සේ 
ආ... ප්‍රේම බරණි විඳ රසේ// 
ලැබ විනෝදේ සැනසිලි 
සමගි දාමෙන් වෙලි වෙලී 
මංගලම් ජය මංගලම් 
වේවා සිරි සුභ මංගලම්//

ආ... පොකුණ තුල පිපි පියුම සේ 
ආ... දිලෙන ඇගේ හැඩ රුවය සේ//
පති පතිනි රිය සැක නියා// 
එකට යනු මැන සැප සොයා 

මංගලම් ජය...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.