මංගල පෝරුවේmangala pooruwee

Mangala Poruwe

Lyrics

මංගල පෝරුවේ ආසිරිවාදය 
පතිකුලයේ හෙට දිනේ 
අතපැන් ඉසින්නට ළඟින් 
හිඳින්නට පියෙකු අහිමිවුණේ//

ඔබේ තුරුලේ රැඳී උන්නේ 
පැසසී මා වුන් සුවය මිදුනේ//
ඔබේ ගුණ සිහිවී කඳුළු නෙත වෑරු 

මංගල පෝරුවේ...

පියෙකු පදවිය ලබන දිනයේ 
මට දැනේවා ඔබගේ සෙනෙහේ//
සීයා කොහිද  ගියේ 
පැනයේ මා ගොළු වේ 

මංගල පෝරුවේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.