මංගල දිනයmangala dhinaya

Mangala Dinaya

Lyrics

හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා
අති සුන්දරයි මේ තුටු මල් ඉමේ
මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා

සෙනෙහේ ලියයි හද මඩලේ -  නොයිදුල් මලයි කුමරාණනේ
නෑ සිය ප්රයසාදේ  - ආසිරි ගලාවී
යුග  ජීවිතේ සරසලා -  රන් රස සේ එක් වීලා

හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා
අති සුන්දරයි මේ තුටු මල් ඉමේ
මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා

ලැජ්ජාව දේ මීන දෑසේ - මුතු මල් ලතා ගැලුවා වගේ
හද විල් ජලාසේ - පියුමක් උදාවේ
අද මල් සමේ ඇරඹෙනා - මදු රොන් සොයා ගිලුනා

හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා
අති සුන්දරයි මේ තුටු මල් ඉමේ
මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.