මඳුනාගල අහසේ දඟ කරනාmandunaagala ahasee dhanga karanaa

Mandunagala Ahase Danga Karana

Lyrics

මඳුනාගල අහසේ දඟ කරනා
තරු ගනින්න
උණු දිය පෙකුණ ළඟදි
හැන්දෑවක මුණගැහෙන්න

දහවල දුහුවිල්ලෙන් රතු උන
දෙනුවන් නිවෙන්න //
ආදරයේ සෙනෙහෙ දියෙන්
මැලවුනු හදවත තෙමන්න //

කිරි බැබලෙන හඳ පානේ
මට චුට්ටක් හිනාවෙන්න //
නිවාඩුවක් ලැබුන ගමන්
මැණික මගේ ගමට එන්න //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.