Lyrics
මඳුනාගල අහසේ දඟ කරනා
තරු ගනින්න
උණු දිය පෙකුණ ළඟදි
හැන්දෑවක මුණගැහෙන්න
දහවල දුහුවිල්ලෙන් රතු උන
දෙනුවන් නිවෙන්න //
ආදරයේ සෙනෙහෙ දියෙන්
මැලවුනු හදවත තෙමන්න //
කිරි බැබලෙන හඳ පානේ
මට චුට්ටක් හිනාවෙන්න //
නිවාඩුවක් ලැබුන ගමන්
මැණික මගේ ගමට එන්න //