මන්දිර සඳළුතලේmandhira sandaluthalee

Mandira Sandaluthale

Lyrics

මන්දිර සඳළුතලේ
සීගිරි ආලකමන්දාවේ //
ඔබ එනතුරු තනි යහනට වී
මම බලා හිඳින්නද
මගෙ කුමරෝ .... කුමරෝ //

විජ්ජුලතා මේඝලතා
නාරිලතා රූ අතරේ //
ඔබ ගෙවනා මුළු රැයක් පුරා මා
සෝ ලතැවුල් අතරේ

නෙතඟ බැදුම් අනග රැගුම්
පාන සිනා නැහැ දුටුවේ //
මා විඳිනා දුක කොහොම ලියන්නද
සීගිරි කැටපත් පවුරේ 

මන්දිර සඳළුතලේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.