මන්දාරම් වැහි වැටෙනාmandhaaram waehi waetenaa

Mandaram Wahi

Music:
හිරාන් තේනුවරhiraan theenuwara
Lyrics:
රම්‍යා තේනුවරramyaa theenuwara

Lyrics

මන්දාරම් වැහි වැටෙනා - හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා

සඳ හාවුන් හඬනා - කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳ කැන් ඔබ විය
නුඹයි මගේ අම්මා

ලේ කිරි කරපු අම්මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි

කුණාටු සාගරයේ - රුවල් බිඳුනු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා- ගිණියම් මද්දහනේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා

ලේ කිරි කරපු අම්මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි

අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.