මන්දාරම් කතාවේmandhaaram kathaawee

Mandaram Kathawe

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
නිසල් ගමගේnisal gamagee

Lyrics

නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට

දුර නොයා ඉන්න තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිඳිමී උන්තැනම

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.