මන්දාරම් අඳුර මැදින් හිරි‍පොද වැහි වැ‍ටෙන ‍වෙ‍ලේmandhaaram andura maedhin hiripodha waehi waetena welee

Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ගයාමන් දිසානායකgayaaman dhisaanaayaka

Lyrics

මන්දාරම් අඳුර මැදින්
හිරි‍පොද වැහි වැ‍ටෙන ‍වෙ‍ලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් ඔබ සිටියා නම් //

තනියමවත් යන්නට මදි කු‍‍ඩේ යටින් ඔ‍බේ ළඟින් //
‍නො‍තෙමී ‍තෙමි ‍තෙමි සතුටින්
යන්නට තිබුනා යන්නට තිබුනා යන්නට තිබුනා 

මන්දාරම් අඳුර....

මඟ යන එන අයට ‍හො‍රෙන් ඔ‍‍බෙ දෑසට එබී බලා //
‍කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා බලන්න තිබුනා  බලන්න තිබුනා 

මන්දාරම් අඳුර....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.