මන්ද පමාmandha pamaa

Manda Pama

Music:
ඩිම්රෝdimroo
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

(විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා...//)

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුනා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
(මේ දකින හීනේ ඉන්නයි ආසා...//)

විල් තෙර ඉන්න ඔයා...//

හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
(හිස සිඳී ගියත් නුඹවම පැතුවා...//)

විල් තෙර ඉන්න ඔයා...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.