මනමාල සිතක් තිබුනදmanamaala sithak thibunadha

Manamala Sithak Thibunada

Music:
ක්‍රිස්ටෝ පීරිස්kristoo piiris
Lyrics:
ඉෂාන් ප්‍රනාන්දුishaan pranaandhu

Lyrics

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ.....

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ....

නල රැළි මත අඳිමින්
කිව් ආදර කතාව කොහෙදෝ....
ලං වෙන්නට නුඹගේ
සිත ඇතිවද වෙන කෙනෙකුගේ ඇසුරේ
බිඳක් මතක නම් මං ගැන
ඇසුර පෙර ලෙසේ.....
සැමදා ඉන්නම් මා.........

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ.......

නැත කිසි දින වැටුනේ
වෙන ළඳකගේ ආදර දැහැනේ...
සිත තවමත් එහෙමයි
ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන් වෙන්නම් කීවොතින්
ඔබේ ඔය මුවෙන්
හැර යන්නම් මා.....

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ.....
මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.