මනමාල හැඩකාරීmanamaala haedakaarii

Manamala Hadakari

Music:
ක්‍රිස්ටෝ පීරිස්kristoo piiris
Lyrics:
සරත් පුලසිංහ (සකු)sarath pulasinha (saku)

Lyrics

මනමාල හැඩකාරී
සැනසීම මට ගේන
පෙන තැනක නෑ තාම
තනී වෙන්න බැහැ මට මෙතරම්....

තනී වෙලා පාලුවෙ
මා යන දුර මාවතේ
හමු වෙවිද නෑ දන්නෙ
ඇය ඒවිද නෑ දන්නෙ....

පාවෙලා  ඇය සොයා
හිත ඉගිලෙනවා රහසේ
මග බලා වෙහෙසිලා
රිදෙනවා නෙතු මාගෙ....

දැනදැනම නොයෙන වග
හිත හඩයි හොර රහසෙ
මට පෙනා රුව කාගෙද
මනමාලීයෙ...

මා වෙලා සනසලා
දුක නැති කරලා මාගෙ
හඩවලා රිදවලා යන්න එපා
පන මාගෙ....

හැමතනම හොයන වග
තාම ඇය නෑ දන්නෙ
මට පෙනා නුඹ කොතැනද
මනමාලීයෙ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.