මනලෝලී මනමාලියේmanaloolii manamaaliyee

Manaloli Manamaliye

Lyrics

මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ.....

මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ....

මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ.....

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිදවූවේ දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ....

මනලෝලී මනමාලියේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.