මනලොල්manalol

Manalol

Music:
සමන් පාලිතsaman paalitha
Lyrics:
ප්‍රීති විරාජ්priithi wiraaj

Lyrics

මනලොල් පෙම් පැතුම් පිළිසිඳ ගත් දා
රහසින් මට ඉඟි කළ ආදරේ දැනුනා
මේ දිවියේ හිත සැනසු ආදරියේ
සත් ස්වරයයි හිනැහෙන්නේ ආදර ගීතයේ.....

දැකගත් මුල් දිනයේ සඳ ලෙසින් බැඳි
පැවසු වදන් නම් රන් තොරණ් බඳි
කුමකටද ආදරියේ රුවන් රිදී
පණ සේම රැකගන්නම් නුවන් ලෙසේ
මේ දිවියේ හිත සැනසු ආදරියේ
සත් ස්වරයයි හිනැහෙන්නේ ආදර ගීතයේ.....

මානෙල් නෙළුම් නිල්මුතු සුවඳ දී
පෙර දිනම සේ රඟ දේ උතුලේ වෙලී
භවයෙන් භවයේ බැඳි ඉන්න හදින් වෙලී
පණ සේම රැකගන්නම් නුවන් ලෙසේ
මේ දිවියේ හිත සැනසු ආදරියේ
සත් ස්වරයයි හිනැහෙන්නේ ආදර ගීතයේ.....

මනලොල්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.