මනාලයිmanaalayi

Manalai

Album
Manej Sanjaya
Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

            Manalai (මනාලයි)  Lyrics  
 Manej Sanjaya Ft. Krishan Karunarathne 

මනබන්දන රූපේ - ඔය හසඟන තාලේ
පිය නග නග දෑසේ
මා අවුලනවා
හද කැන්දන හැඟුමේ - පා අනසක රහසේ
නුඹවම ඉල්ලා මේ
හිත වද දෙනවා

ටික ටික ටික නොදැනී
හිත හිත හිත ඇදුනී
එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී

මනාලයි..
හිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයි
මෘදු සිහින මවාලයි - මවාලයි //
මනාලයි..

විඳින බඳේ සුව නිබඳේ
සතුට නුඹේ සාරි පොටේ
දැක තන්හා උපදින්නා ලමැදේ..
රැගෙන ලොවේ හතර වටේ
යනෙමි මගේ වුණ දවසේ
රැක පණ හා සම නුඹ මා එකසේ
ටික ටික ටික නොදැනී
හිත හිත හිත ඇදුනී
එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී

------Rap------
ජාඩිය මූඩිය වගේ ම කැපෙන 
ජෝඩුව අපි දෙන්නා හට දීපන් සිරික්කිය 
වානා කැටයම් ඇම්බැක්කේ තියෙන
ගනිං අහකට ඔය තොලොන්චිය  
බහ දීපන් මට එක පට 
හඳපානේ යන්ද එක පට 
හදෙන් බැහැලා  වරෙන් මාහා 
යන්තර මන්තර බිඳ යකා මම 

උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් 
දුම්මල ගහලත් බෑ යන්නේ නැ මංනං 
සුන්දර කතාවක් නෙ ලිව්වෙ මං බාරං
ඉස්සර වගේ බෑ මා එක්ක සෙල්ලම් 

තිස්සෙම රාගිනි ඇවිලෙන 
මම පිස්සුවෙ සීතලේ තැවරෙන්නෙ - කෙල්ලෙ
මම නං නැහැ විරාම ගන්නේ 
විසේ වැඩි උඹේ රසේ දැවටෙන්නෙ
-----------------------------

හැඩට සඳේ වත සසැඳේ
වචන ඉබේ කවි පද වේ
කෙලෙසින් මා වලකන්නා හිත මේ..
සුභ මොහොතේ මුදුව අතේ
පළඳ හිතේ පැතුම ලෙසේ
හිමිකම් මා සතු වේවා නුඹගේ..
ටික ටික ටික නොදැනී
හිත හිත හිත ඇදුනී
එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී 

මනාලයි..
හිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයි
මෘදු සිහින මවාලයි - මවාලයි //
මනාලයි..

Lyrics by : Ashan Gayeshma

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.