මාන කොකාmaana kokaa

Mana Koka

Lyrics

කව්ද කව්ද මේ හංස විලට ආ කුරු හැඩි මාන කොකා
අන්ද මන්ද වී බඩගිනිවත්දෝ කමුද ඥානකතා 
(බක්කි කරත්තෙන් බරබාගෙන්දෝ ආවේ 
කොක්කා වගේ අපි කී දේ කරන්න ඕනේ....//)

මාන කොකා කමුද ඥානකතා....
ඒයි මාන කොකා කමුද ඥානකතා....
ගමේ ගොඩේ වගේ නොවේ දැන් ඉන්නේ සිදාදියේ
විශුවල් ඔක්කොම කොළොම්පුරේ පීනන්නට දොළක් නැතේ
නිලට නිලේ කූල් එකේ ග්‍රැෆික් වැඩ කිඩ හතර වටේ
මාන කොකා කමුද ඥානකතා....
ඒයි මාන කොකා කමුද ඥානකතා....

කැන්ටින් යනකොට අතපය වන වන 
යන්නේ නෑ බොල පර්ස් අරන් වර
මස්කට් කට්ලට් කට දන ඔම්ලට් ෆෘට් ඩ්‍රින්ක්ස් බොමු සිතු සේ
ෆික්සන් ඇක්ෂන් නැත්නම් ගොන්සන් ඉන්ඩ ඕනේ පොර සේ
ඔල්ලට නල්ලට බෙල්ලට නලලට දාඩිය දැම්මම ලේන්සු ඕනේද
මාන කොකා කමුද ඥානකතා....
ඒයි මාන කොකා කමුද ඥානකතා....

කොහේ ඉඳන් ආවත් එක අකුරුයි ලියන්නේ කියවන්නේ
අපි පන්ති රැසක සිටියත් එක කොඩියයි වනන්නේ ගෙනියන්නේ
ගසින්නේලු මල තව ගසකට අලුතින්යෑ පිපුනේ
නගරේ ඔබ හට අයිති වුණත් මට ගම නෑ අතහැරුනේ
(කියනා දේ ඔබ හරි හැටි නොහැඟෙනමුත් මිතුරේ
සොයනා දේ වැටහෙයි ඒය සොයනෙමු අපි නොලසේ...//)
හඳක් වෙන්න පැතුවොත් තරුවක්වත් වෙන්න හැකි
බරක් නැතුව හිතුවොත් ආකාසේම ඉන්න හැකි
මලක් පිදූ සුවඳක් සුළඟක් වී රැගෙන අපි‍
(හිතක් හිතක් ගානේ නැගි කඳුලැල් පිහිමු අපි....///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.