මම විතරක් දුක් විඳිනවා සිතින්mama witharak dhuk windinawaa sithin

Man Witharak Duk Widinawa Sithin

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
දිලන්ත කටුවන්දෙණියගේdhilantha katuwandheniyagee

Lyrics

මුදලට සැප සම්පත් වල අගයට 
ආදරේ උකසට තිබ්බේ ඔයයි
හිත ළඟ සක්මන් කරපු ඔයා අද 
වෙන් වී ගිය හැටි හරි පුදුමයි කෝ
(කීව කතා හීනයක් වෙලා
මම විතරක් දුක් විඳිනවා සිතින්.....//)

ඔබ වෙන තැනකය මා තව තැනකය
හද විඳවනවා ඔබ මතකෙන්
මාගේ ප්‍රේමය විහිළුවක් වුණේ
ඇයි රත්තරනේ ඇවිත් කියන් කෝ
(කීව කතා හීනයක් වෙලා
මම විතරක් දුක් විඳිනවා සිතින්.....//)

ඔබේ සතුට හිත ඇත්තේ එතැනය
ඇස් දෙකටම දකිනවා අද මං
මාගේ ප්‍රේමය විහිළුවක් වුණේ
ඇයි රත්තරනේ ඇවිත් කියන් කෝ
(කීව කතා හීනයක් වෙලා
මම විතරක් දුක් විඳිනවා සිතින්.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.