මං විතරක් (සංසාර ප්‍රේමය)man witharak (sansaara preemaya)

Man Vitharak (Sansara Premaya)

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

මං විතරක් පෙම් කරපු නිසා දයාබරම දුක උදා වුණා
මගේ හිත කඩා වෙනත් හිතකට වෙලා
අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා
පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා.......

තනිකම විතරයි හිත සැරිසැරුවේ 
කාත් කව්රුවත් නොමැති නිසා
සුසුමන් විතරයි හිත අඬගැහුවේ 
ඔබෙන් සෙනෙහස නොලද නිසා
අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා
පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා.......

මතකය විතරයි මගේ තනි මැකුවේ
පෙමකට කඳුලත් උරුම නිසා
නොලැබෙන බව දැන මාත් ළං වුණේ
සංසාරේ ඔබ පුරුදු නිසා
අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා
පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා.......

මං විතරක්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.