මං තවත්man thawath

Man Thawath

Music:
සඳරු ගමගේsandaru gamagee
Lyrics:
චමෝද් අයේෂාන්chamoodh ayeeshaan

Lyrics

මං තවත් හිඳිමි රහසක් වෙලා 
නුඹ නාවේ ඇයි සෙනෙහස තියා
ළං ළංව උන් මතකේ දමා
දුර යන්න හිතුවා නම් හීනෙන් එහා.......

දුර අහසේ සඳ වාගේ සිත්තම් වෙලා
මගේ ලෝකේ අඳුරේම නොපෙනී ගියා
හද සිහිනේ සුව රැජිණි මට ළං වෙලා
පෙම් සිහිනේ නුඹ පමණි මියෙනා තුරා.......

මල් පිපුණු සිත් අහසේ කවියක් ඔයා
යා වීලා උන් කාලේ සිහිවෙයි සදා
දුර යන්න හිතුවාට මට ළං වෙලා
කියු කවියේ පද පේළි බොඳ වී ගියා.......

මං තවත් හිඳිමි........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.