මං තව දුර තනියම යන්නම්man thawa dhura thaniyama yannam

Man Thawa Dura Thaniyama

Lyrics

මං තව දුර තනියම යන්නම්
හද්දින්නත් තරු පාර කියනවා නම්
නෙතු නොරිදා ඇහැරෙන්නම්
අමාවකට සද බලන්න පුළුවන් නම්

ඇවිත් යන්න දුර වැඩි තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අදුනන තනිකම
මගේමයි කියන්නම්
සදත් එක්ක පායන ඉරමල
නෙතින් හමු වෙතැයි සිතන්
හිතත් අරන් දියඹට ගිය ගඟ
⁣කොහේ හැංඟුවේ කියන්

මතක් වෙන්න අමතක වෙන්නැති
හිතත් මගේ වෙලා නම්
තවත් යන්නෙ කොහොමද 
මමත් මගේ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යළිත් නුඹ එතැයි සිතන්
⁣හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.