මං පුංචි වෙළෙන්දාman punchi welendhaa

Man Punchi Welenda

Lyrics

(මං පුංචි වෙළෙන්දා
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ)//
මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සූරාලා බලන්න
සූරාලා බලන්න

මං පුංචි වෙළෙන්දා
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ

අපේ රටේ සංවර්ධනේ 
අපේ රටේ සංවර්ධනේ
පුංචි අපේ වර්ධනේ
පුංචි අපේ වර්ධනේ
සුළු මුදලක් හොයා ගන්න
පාසල් ගොස් ඉගෙන ගන්න

මං පුංචි වෙළෙන්දා
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ

දන්නවාද මුදලාලිව දන්නවාද මුදලාලිව
ඉහල ගමේ පෝසතා ඉහල ගමේ පෝසතා
ලොතරැයියක් ඇදිලා තමයි
ඔය හැටි පෝසතෙක් උනේ

මං පුංචි වෙළෙන්දා
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සූරාලා බලන්න
සූරාලා බලන්න

ලක්ෂ දිනුම ඔබේ අතේ 
ලක්ෂ දිනුම ඔබේ අතේ
එහෙම නැතත් රටට සෙතේ 
එහෙම නැතත් රටට සෙතේ
ක්ෂණික දිනුම් ලබයි 
ලොකු පොඩි අය කොයි කවුරුත් 

මං පුංචි වෙළෙන්දා
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ

අත දෙන්නකො පුංචි මෙමට
අත දෙන්නකො පුංචි මෙමට
මේ ගොඩ විකුණා ගන්නට
මේ ගොඩ විකුණා ගන්නට
ශිල්ප සතර හදාරාලා
හොද පුරවැසියෙක් වන්නට

මං පුංචි වෙළෙන්දා
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
ස්වීප් විකුනාලයි ජීවත් වෙන්නේ
මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සූරාලා බලන්න
සූරාලා බලන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.