Lyrics
මංමුලා වෙලා ඔබ නෙතු මා ඉන්නේ සිතුවමක් මවා මා සිත අද තනියෙන්
ඔබ දුටු ඒ දිනයේ මගේ සිත ඔබ ගත්තේ සැමදා ළං වී ඉන්නයි මා පැතුවේ
නොකියම ඔබ යන්නට යාවී මගේ හද ඔබ වෙන් කර යාවී
කරනට වෙන දෙයකුත් නැහැනේ අද මා සිත් තැවුලෙන් ඉන්නේ.......
අද අපි වෙන් වී කඳුළින් සිත් සිර වී
මතකෙන් ඔබ වෙන් වී යාවී
අද වගේ මට මතකයි ඔබ මා හැර ගියදා
වෙනකෙක් හා තුරුලේ පැටලී.....
මංමුලා වෙලා.....
දිවඟන මා දුටුවේ සිත් තැවුලන් නිවුනේ
වෙනකෙක් හා මා හද බැඳුනේ
සිහිනෙන්දෝ සිතුවේ මිරිඟුවක්ද මේ
මගේ ලෝකේ.....
ලස්සන ඔය දෙතොලේ සිනහව
මගේ හද පතුලේ රැඳේ....
මංමුලා වෙලා ඔබ සතු මා ඉන්නේ
සිතුවමක් මවා මා සිත අද තනිවෙන්නේ
ඇය දුටු ඒ දිනයේ මගේ සිත ඇය ගත්තේ
සැමදා ළං වී ඉන්නයි මා පැතුවේ.....